
සූත්ර පිටකය
සූත්ර පිටකයට අයත් වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පරම ගම්භීර ශ්රී සද්ධර්මය යි. සුත්ර දේශනා දාහත් දාහකට වඩා මෙහි අන්තර්ගතය. එය ප්රධාන කොටස් (නිකාය) පහකින් සමන්විතය. ඒවා නම්, දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය සහ ඛුද්දක නිකාය යනාදිය යි.
Read more
විනය පිටකය
විනය පිටකයට අයත් වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූ සහ භික්ෂුණී සංඝයා වෙත දේශනා කරන ලද සංවර ශීල දේශනා යි. එම දේශනා ප්රධාන කොටස් පහකට බෙදා වෙන්කර ඇත. ඒවා නම්, පාරාජිකා පාළි, පාචිත්ති පාළි, මහා වග්ග පාළි, චුල්ල වග්ග පාළි සහ පරිවාර පාළි යනාදිය යි.
Read more
අභිධර්ම පිටකය
මෙහි අන්තර්ගත වනුයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කල ශ්රී සද්ධර්මයෙහි ගැඹුරු දහම් කොටස් ය. එම දේශනා ප්රධාන කොටස් හතකට බෙදා වෙන්කර ඇත. ඒවා නම්, ධම්මසඞ්ගණී ප්රකරණය, විභඞ්ග ප්රකරණය, ධාතුකථා ප්රකරණය, පුග්ගලපඤ්ඤත්ති ප්රකරණය, කථාවත්ථු ප්රකරණය, යමක ප්රකරණය සහ පට්ඨාන ප්රකරණය යනාදිය යි.
Read moreජංගම දුරකතන සඳහා ත්රිපිටකය භාගත කරගන්න
බුද්ධ ජයන්ති ත්රිපිටකය යුනිකේත
සිංහල යතුරු ලියනය කළ බුද්ධ ජයන්ති ත්රිපිටකය පහතින් භාත/ත කරගන්න.
Downloadබුද්ධ ජයන්ති ත්රිපිටකය ස්කෑන් පිටපත
බුද්ධ ජයන්ති ත්රිපිටකයට අදාල ස්කෑන් කරන ලද පොත් ඡායා පිටපත් සමඟින් කියවීම සඳහා මෙම මෘදුකාන්ගය භාවිතා කළ හැකිය.
Downloadඡට්ඨ සංගායනා (CST) පාලි ත්රිපිටකය විවිධ අක්ෂර වලින් කියවීමට හැකි මෘදුකාංගය
මෙම මෘදුකාංගය මඟින් සිංහල, දේවනාගරී, රෝමන්, බ්රාහ්මී ... ආදී විවිධ අක්ෂර වලින් සකසන ලද පාලි ත්රිපිටකය.
Downloadවිවිධ දහම් පොත්පොත්
එක් එක් හිමිවරුන් විසින් රචිත විවිධ පොත් කියවීමට හැකි වේ. උදා: රේරුකාණේ චන්දවිමල හිමි විසින් රචිත පොත්.
Download