බුද්ධ ජයන්ති ත්‍රිපිටකය - සූත්‍ර පිටකය

දීඝ නිකාය

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශිත උතුම් සූත්‍ර දේශනා පළමු ධර්ම සංඝායනාවේදී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ විසින් දීඝ නිකාය, මජ්ජිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්ධක නිකාය ලෙසින් කොටස් පහකට බෙදා දැක්වෙනව. ඉන් දීඝ නිකාය සූත්‍ර පිටක පාළියෙහි එන පලමු වැනි ග්‍රන්ථයයි. එය සීලක්ඛන්ධ වර්‍ගය, මහා වර්‍ගය, පාඨික වර්‍ගය යයි කොටස් තුනකින් සමන්විත ය. එයින් සීලක්ඛන්ධ වර්‍ගයේ සූත්‍ර දේශනාවන් 13ක් ද, මහා වර්‍ගයේ සූත්‍ර දේශනාවන් 10ක් ද, පාඨික වර්‍ගයේ සූත්‍ර දේශනාවන් 10ක් දැයි දීඝනිකායට අයත් සූත්‍ර දේශනාවන් ගණන 33ක් වේ.

සම්පූර්ණයෙන්

මඣ්ජිම නිකාය

ධ්‍යම දිගකින් යුක්ත වූ සූත්‍ර 152ක් වර්ග 3කට බෙදා ඇත. නවක භික්ෂු භික්ෂුණීන්( සහ උපාසක උපාසිකාවන් ) සඳහා යැයි සිතිය හැකි අදහස් බොහෝ විට අඩංගුය. චතුරායර්ය සත්‍යය, කර්මය, ධ්‍යාන, සමාධි, ආත්මවාදයේ දෝෂ සහ නිර්වාණය ආදිය පිළිබඳ විස්තර මෙම සූත්‍ර වල අඩංගුය. සාධු සිත් ඇත්තෝ සැදැහයෙන් යුතු ව මේ උතුම් ධර්මය කියවා ධරත්වා.




සම්පූර්ණයෙන්

සංයුත්ත නිකාය

“සත්ත සුත්ත සහස්සානි සත්ත සුත්ත සතානිච මාසට්ටි වෙච සුත්තන්තෝ ඒ සෝ සංයුත්ත සංගහෝ” මෙය අන්තර්ගතය අනුව වග්ග 5 කට නැවත බෙදා
1.සගාත වග්ගය – සංයුක්ත 11 ක්
2.නිදාන වග්ගය- සංයුක්ත 10 ක්
3.බන්ධක වග්ගයය – සංයුක්ත 13 ක්
4. සලායතන වග්ගය -සංයුක්ත 10 ක්
5. මහා වග්ගය –සංයුක්ත 12 ක්
ලෙස සන්ග්‍රහ වී ඇත. සංයුක්ත නිකාය සූත‍්‍ර සත් දහස් සත් සිය සැට දෙකකින් හා බණවර සියයකින් යුක්ත ය.

සම්පූර්ණයෙන්

අංගුත්තර නිකාය

මෙය නිපාත 11 කට බෙදා ඇත.බුද්ධ දේශනාව තුළ අන්තර්ගත කරුණු අංගයෙන් අංගයට කරුණු ඇතුලත්කොට ඇති හෙයින් අංග+උත්තර > අංගුත්තර යන නාමය යෙදීම සිදුකොට ඇත.කරුණු එකක් පමණක් ඇතුලත් සූත්‍ර ඒකක නිපාතයටත් ,කරුණු 2 ක් අන්තර්ගත සූත්‍ර දුක නිපාතයටත් වශයෙන් කරුණු 11ක් අන්තර්ගත සූත්‍ර ඒකාදස නිපාතයටත් අන්තර්ගත කොට ඇත.නිපාත වශයෙන් 11 ක් වුවද සූත්‍ර වශයෙන් 9557ක් අංගුත්තර නිකායේ විද්‍යමාන වෙයි.

සම්පූර්ණයෙන්

ඛුද්ධක නිකාය

සමහර සම්ප්‍රදායන්ගේ පමණක් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අතුලත්කොට ඇති පශ්චාත් සූත්‍ර ග්‍රන්ථ කොටසකි. මෙම නිකායට අයත් ග්‍රන්ථ 15 ක් වේ. ඒවා අතර ධම්මපදය – මෙය බෞද්ධ සාහිත්‍යයේ ප්‍රසිද්ධම හා ජනප්‍රියම ග්‍රන්ථයයි. ගාථා 423 මෙහි ඇතුලත් වන අතර ඒවා වර්ග 26කට බෙදා ඇත. විමානවත්ථු – බෞද්ධ සාහිත්‍යයේ ඇති දිව්‍ය ලෝක පිළිබඳ සවිස්තරව සඳහන්ව ඇත්තේ මෙහිය.


වැඩිදුර

වෙනත් පොත්

මෑත යුගයේ මහා යති වරයාණන් වහන්සේලා විසින් රචිත නොයෙක් විෂය ක්ෂේත්‍රයන් අරමුණු කරගත් පොත්,  උදාහරණ ලෙස කටුකුරුන්දේ ඤාණානන්ද හිමි පාණන්.






වැඩිදුර